හැකින් 10......පොඩි ගේමක් දෙමු

Friday, August 16, 2013
කට්ටියට කම්මැලි ඇතිනේ තියරිම කියවලා....ඉතින් අද පොඩි වැඩකෑලි ටිකක් කියලා දෙන්නම්...හැබැයි නරක වැඩ වලට පාවිච්චි කරන්න එපා....
මෙහෙමයි මුලින් ඔයාලාට මේ ඇටෑක් එක ගැන පොඩි විස්තරයක් ලියලාම පටන් ගන්නම්.....මේවිදියෙ ඇටෑක් වලට කියන්නේ dos (denial of service) ඒ කියන්නේ මොකක් හරි සර්වර් එකකින් ලබා දෙන සේවාවක් අඩාල කිරීම තමයි මේ විදියට හදුන්වන්නේ....ගොඩක් වෙලාවට ping කමාන්ඩ් එක යොදාගෙන මේ විදියෙ ඇටෑක් කරන්න පුථවන්..source (එවන කෙනාගෙ) ip address එක වෙනස් කරලා ping කිරීමෙන්,ping කිරීමට යොදා ගන්නා දත්ත ප්‍රමාණය වැඩි කිරීමෙන්,නොනවත්වා ping කිරීම වගේ දේවල් වලින්  තමන්ට ඇටෑක් කරන්නන වුවමනා සර්වර් එකේ overhead එකක් ඇති කරලා ඒ සර්වර් එක crash කරන්න හරි ඒ සර්වර් එකෙන් අධාල නෙට්වර්ක් එකට ලබාදෙන සේවාව අඩාල කරන්න හරි මේ ඇටෑක් එක පාවිච්චි කරන්න පුථවන්....



අද මම කියලා දෙන්නම් ඔය කියපු ping කරන පැකට් එකේ දත්ත ප්‍රමාණය වැඩි කරලා නොනවත්වා  ping කිරීමෙන් dos ඇටෑක් එකක් දෙන විදිය...මේ ක්‍රමේට කියන්නේ ping of death කියලා..නමෙන් තේරෙනවා ඇතිනේ වැඩේ මොකක්ද කියලා...හැබැයි තව දෙයක් තියෙනවා මේක වින්ඩෝස් වලින් දරුණුවට කරන්න බැහැ,ලිනක්ස් වගේ ඔපරේටින් සිස්ටම් එකකින් කරනවා නම් දරුණුවටම කරන්න පුථවන්...(වින්ඩෝස් වලින් උපරිම පැකට් සයිස් එක වැඩි කරන්න පුථවන් 65500 bytes වෙනකම් විතරයි......ඒත් ලිනක්ස් වලින් ඊටවඩා ලොකු පැකට් එකක් යවන්න පුථවන්) දැනට දෙයක් ඉගෙනගන්න වින්ඩෝස් වලින් කරලා බලන්න ....


වැඩේ කරන්නෙ මෙහෙමයි...

* මුලින්ම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න (windows බට්න් එකත් R අකුර ප්‍රෙස් කරලා run එක ඕපන් කරලා ඒකේ cmd කියලා ටයිප් කරලා  එන්ටර් කරන්න)
* ඊටපස්සේ ping (ඔයාට හැක් කරන්න වුවමනා සර්වර් එකේ  අයි පී එක) ටයිප්  කරලා බලන්න
           උදා :- ping 192.168.10.1
* ping එක වැඩ කරනවානම් ping -l (ඔයාට යවන්න  වුවමනා දත්ත ප්‍රමාණය) (අයි පී එක) -t කියලා ටයිප් කරන්න....
           උදා :- ping -l 5000 192.168.10.1 -t
* දැන් නොනවත්වා රිප්ලයි ඒවි...ටික  වෙලාවකින් සර්වර් එක ඩවුන්...



ඔය -l කියන්නේ පැකට් එකේ ප්‍රමාණය වැඩි කරන කමාන්ඩ් එක එතන 5000 වෙනුවට ඔයාට  කැමති ප්‍රමාණයක් දෙන්න....
වින්ඩෝස් වල උපරිම 65500...-t කියලා තියෙන්නේ නොනවත්වා පින් කරන්න ලබාදෙන කමාන්ඩ් එක.....

මම හිතන්නේ කට්ටිය වැඩේට කැමති ඇති...ඉස්සරහට හොද වැඩ ටිකක් කියලා දෙන්නම්...දිගටම රැදිලා ඉන්න!!!!!!!!!!!!!!!!!

4 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. සර්වර් එක ඩවුන් වෙන්නෙ මොන හේතුවක් නිසාද? න්‍යායාත්මකව පැහැදිලි කරන්න පුලුවන්ද මිත්‍රයා?

    ReplyDelete
  3. රියල් හැකින් වැඩකෑලි දැනගන්න එන්න එක්වන්න, අපේ හැකින් ෆෝරමයත් සමඟ>

    http://www.yakadaya.com/

    ReplyDelete
  4. වටිනව broo දිගටම කරන්යන්න

    ReplyDelete