BACKTRACK 1 .......හැදින්වීම

Thursday, September 12, 2013
අදත් තව අථත් මාතෘකාවකින් ලිපි පෙලක් ආරම්භකරන්න බලාපොරොත්තු වෙනවා...මේකත් මම හිතන්නේ ඔයාලාට ගොඩක් වැදගත් මාතෘකාවක් වේවි ......ඒ වගේම මේක ගොඩක් අය දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මාතෘකාවක් .......
back Track එහෙම නැත්නම්  kali  linux  කියලා හදුන්වන operating system එක  ගැන තමයි අද ඉදන් මේ ලිපි පේලිය  ලියන්න බලාපොරොත්තු වෙන්නේ...මුලින්ම මේ ගැන පොඩි විස්තරයක් ලියලාම පටන්ගන්නම්....

හැකින්  හා පෙන්ටෙස්ටින් සදහා  දැනට ලෝකයේ  වැඩිපුරම භාවිතාවෙන ඒ වගේම ඕනෑම හැකින් ක්‍රමයක්  සදහා  යොදාගතහැකි tools එකතුකර නිර්මාණය කරඇති මෙහෙයුම් පද්දතියක් තමයි back Track කියන්නේ....මේකත් අනිත් ලිනක්ස් මෙහෙයුම් පද්දති වගේම ඕපන් සෝස් වර්ගයේ මෙහෙයුම් පද්දතියක්...ඒවගේම මේකෙත් කමාන්ඩ් ලයින්එක භාවිතා කරලා තමයි අපට වුවමනා දේවල් කරගන්න පුථවන්, හැබැයි සාමාන්‍ය ලිනක්ස් මෙහෙයුම් පද්දතියකට වඩා ගොඩක් පහසුකම් මේකේ  තියෙනවා...ඒ වගේම backtracklinux.org කියන වෙබ් අඩවියෙන් live CD එකක් විදියට මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුථවන්.....ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්නේ නැතුව සාමාන්‍ය වැඩකරන්න  පුථවන්........ඒත් මේකෙන් හැකින්  වගේ දේවල් කරන්න නම් අනිවාර්‍යන්ම මේක ඉන්ස්ටෝල් කරන්න වෙනවා....




Backtrack මෙහෙයුම් පද්දතියේ ඇතුලත් tool කීපයක්...

Metasploit for integration
Wi-Fi drivers and packet injection
Aircrack-ng
Gerix Wifi Cracker
Kismet
Nmap
Ophcrack
Ettercap
Wireshark (Ethereal)
BeEF (Browser Exploitation Framework)
Hydra
OWASP Mantra Security Framework
Cisco OCS Mass Scanner

මේ  tools ප්‍රධාන  කොටස් 12 කට  බෙදලා පෙන්වන්න පුථවන්.......

 *   Information
 *   Vulnerability assessment
 *   Exploitation tools
 *   Privilege escalation
 *  Maintaining access
 *  Reverse engineering
 *  RFID tools
 *  Stress testing
 *  Forensics
 *  Reporting tools
 *  Services
 *  Miscellaneous

මේ ගැන ඔයාලාට ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්....ඒ වගේම මේ operating system  එක ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් මේකෙන් වැඩකරන විදිය ගැනත් ඉස්සරහට පැහැදිලි කරන්නම්.....එතකම් දිගටම රැදිලා ඉන්න......

1 comment: